අලුත් Document එකක් Open කරගැනීම

අලුත් Document එකක් Open කරගන්නත් ක්‍රම කීපයක් තියෙනවා.මෙන්න එක ක්‍රමයක්.

















File => New


නැත්නම් Toolbar එකේ තියෙනවා New කියල Icon එකක්.අන්න ඒක ක්ලික් කරලත් අලුත් Document එකක් Open කරගන්න පුළුවන්.මේ පින්තුරෙන් පෙන්නන්නේ ඒ ක්‍රමය.


















ලේසිම ක්‍රමය තමයි Keyboard එකේ Ctrl Key එකයි, N Key එකයි එකට Press කරන එක (Ctrl+N).කෙනුත් වෙන්නේ ඔයාට අලුත් Document එකක් ලැබෙන එක.
 

CorelDRAW වැඩසටහනට සාදරයෙන් පිළිගනිමු!



















ඉතින් කලින් කිවුව ක්‍රම තුනෙන් කැමති විදියකට Program එක Open කරගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා මේ පින්තුරේ තියෙනවා වගේ Welcome Screen එකක්.ඔයා අලුතෙන්ම නිර්මාණයක් කරන්න යනවනම්, New blank document කියල තියෙන තැන ක්ලික් කලාම ඔයාට ලැබෙනවා අලුත් document එකක්.

         එහෙමත් නැත්නම් ඔයා CorelDRAW වලින් කලින් නිර්මාණය කරලා Save කරපු Documents, Computer එකේ තියෙනවනම්, මේ Welcome Screen එකේදී ඒවත් පෙන්නනවා (Marmite Logo,Swarnawahini Logo,ITN Logo.. කියල ඔය පෙන්නලා තියෙන්නේ Save කරලා තියෙන මගේ නිර්මාණ වගයක්) ඒ නිර්මාණේ නම උඩ ක්ලික් කලාම ඒකත් Open කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා.

New from template කියල පෙන්නන්නේ CorelDRAW වලින් අපිට දීලා තියෙන Samples කීපයක්.