ඉතින් කලින් කිවුව ක්‍රම තුනෙන් කැමති විදියකට Program එක Open කරගත්තට පස්සේ ඔයාලට ලැබෙනවා මේ පින්තුරේ තියෙනවා වගේ Welcome Screen එකක්.ඔයා අලුතෙන්ම නිර්මාණයක් කරන්න යනවනම්, New blank document කියල තියෙන තැන ක්ලික් කලාම ඔයාට ලැබෙනවා අලුත් document එකක්.
එහෙමත් නැත්නම් ඔයා CorelDRAW වලින් කලින් නිර්මාණය කරලා Save කරපු Documents, Computer එකේ තියෙනවනම්, මේ Welcome Screen
එකේදී ඒවත් පෙන්නනවා (Marmite Logo,Swarnawahini Logo,ITN Logo.. කියල ඔය පෙන්නලා තියෙන්නේ Save කරලා තියෙන මගේ නිර්මාණ වගයක්) ඒ නිර්මාණේ නම උඩ ක්ලික් කලාම ඒකත් Open කරගැනීමේ හැකියාව ඔයාට
තියෙනවා.
